මගේ ගෙදරටත් ගං වතුර ගලලා….! – හිටපු කතානායක අශෝක රන්වල….

November 29, 2025 at 3:04 pm | by emanisa.lk

කැලණි ගඟ පිටාර ගැලීම නිසා විපතට පත්වූවන්ට සහන සැලසීමට රජය කටයුතු කරගෙන යන බව හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පවසයි.

“කැලණි ගඟ දෙපස මේ වන විට අධික ලෙස පිටාර ගලලා, කැලණි ගඟ දැන් බියගම, බණ්ඩාරවත්ත හන්දිය දක්වා ගඟ ගලනවා ප්‍රධාන පරාත් එක්ක, අධික රළ පහරක් සහිතව. අපි බෝට්ටු ගෙනල්ලා සහන සේවා ආරම්භ කරලා තියෙනවා, ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් සම්පූර්ණ සහය දක්වනවා වැඩවලට.

දැනට බියගම ප්‍රධාන කඳවුරු 6ක් පවත්වා ගෙන යනවා. 3000කට ආසන්න පිරිසක් අවතැන් කඳවුරුවල ඉන්නවා.

කෑම බීම සැපයීම කරගෙන යනවා. ග්‍රාම සේවා වසම් 12ක කෑම පිසින ස්ථාන පවත්වාගෙන යනවා, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සමග ගම්වාසීන්ගෙත් සහය ඇතිව.

2016 ගංවතුර ඉක්මවා යන ගං වතුර තත්ත්වයක් මේ වන විට ඇති වී තිබෙනවා. කැලණි ගඟ ආසන්නයේ තිබෙන මගේ නිවසත් ගං වතුරින් යටවෙලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *