මගේ ගංජා හේනක් වැටළු කතාව සම්පූර්ණ බොරුවක්… බොරු ප්‍රචාරය පිළිකුළෙන් හෙළා දකිනවා…! – ආණ්ඩු පක්ෂ මන්ත්‍රී…

December 18, 2025 at 9:48 am | by emanisa.lk

තමන්ගේ ඉඩමක පැවති කංසා වගාවක් රත්නපුර පොලීසිය විසින් වටළා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පවසයි.

එම පුවත ඉතාම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ෆේස්බුක් සටහනක් තබමින් ඔහු අවධාරණය කර ඇත.

මේ පිළිබඳ විමසා තමන්ට විශාල පිරිසකගෙන් දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් එම සටහන තබන බව ද ශාන්ත පද්මකුමාර වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *