මගේ කජු කෑම නතර කරලා රටට කෝටි 120ක් ඉතිරි කළා…! – රනිල්…

October 31, 2024 at 4:35 pm | by emanisa.lk

පාර්ලිමේන්තුව හොර ගුහාවක් යැයි කී අනුර දිසානායකට මේ රටේ ජනතාව විශ්වාසය පළකර ඇත්තේ 42%ක් පමණක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ 58%ක ජනතාවක් මේ රටේ පාර්ලිමේන්තුවට විශ්වාසය පළකර ඇති බවයි.

ඕනෑම රටක මන්ත්‍රීවරයෙකු සඳහා පඩි ඇතුළු වරප්‍රසාද හිමි බවත් ඕස්ට්‍රේලියාවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට ගුවන් බලපත් පවා ලබා දෙන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

එහෙයින් හිටපු ජනාධිපතිවරුන්ට එම වරප්‍රසාද ලැබිය යුතු බවත් අවශ්‍ය ආරක්ෂාව ලබා දිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි. තමන්ට රජයේ නිවාස අවශ්‍ය නැති බවත් කජු කෑම, ආරක්ෂකයන්ට කුඩ සැපයීම ඇතුළු සිය වරප්‍රසාද නවතා රජයට කෝටි 120ක් ඉතිරිකරගත හැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *