අපේ රටේ ව්‍යවස්ථාවන් නිර්මාණය කරන විට ජනාධිපතිගේ බලය අඩු වැඩි වන හැටි හෝ අගමැතිගේ අඩු වැඩි හැටි ගැන අවධානය යොමු කළ ද කිසි දිනක ගොවි ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් නීති රෙගුලාසි ගෙන ඒමට කටයුතු කොට නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
තමන් ගෙන එනු ලබන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණවලට ගොවියා සුරක්ෂිත කරන මූලික අයිතිවාසිකම් අන්තර්ගත කරන බවත් පාලකයින්ට හිතු මනාපයට රටේ ගොවිජනතාව සමග සෙල්ලම් කිරීමට ඉඩ නොතබන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
එවිට වර්තමානයේ මෙන් ප්‍රමිතියකින් තොර පොහොර රටට එන්නේ නැති බවත්, නැනෝ නයිට්රජන් වංචාවත් සිදු නොවන බවත්, යම් හෙයකින් ගොවියාට අසාධාරණයක් වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් පිළිසරණක් ලබා ගතහැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (28) පෙරවරුවේ හසලක ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණයට එකතු වෙමින් මේ බව ප්‍රකාශ කළේය.