මගේ ආචාර්ය උපාධිය ජනතා ප්‍රශ්නයක් නෙමෙයි…. ඒවා තියෙනවා කියලා මම කාටවත් කියලත් නෑ…! – හිටපු කතානායක අශෝක රන්වල….

February 14, 2025 at 7:10 pm | by emanisa.lk

තමාගේ ආචාර්ය උපාධිය පිළිබඳ සෙවීම ජනතාවට උවමනා ප්‍රශ්නයක් නොවන බව හිටපු කතානායක අශෝක රන්වල පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සිය ආණ්ඩුවේ පළවෙනි පාර්ලිමේන්තු සැසිවාරය තුළ ජනතාව වෙනුවෙන් බොහෝ තීන්දු තීරණ ගැනීමට තිබූ බවයි.

තමාගේ ආචාර්ය උපාධිය පදනම් කරගෙන එහි දී විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේ නම් තමන්ට පහසුවෙන් ජයගත හැකි වුව ද එහි දී ජනතාවට බොහෝ දේ අහිමි වන්නට තිබූ බව ද හෙතෙම අවධාරණය කරයි.

එහෙයින් තමන් කතානායක ධුරයෙන් ඉල්ලා අස් වූ බවත් තමන් එකිනෙකට එක එක දේවල් ප්‍රදර්ශනයට නොගිය බවත් තමන්ට මේ මේ දේ ඇතැයි කියා නැති බවත් ඒ මත පදනම්ව දේශපාලනය නොකරන බවත් අශෝක රන්වල අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය ආචාර්ය උපාධිය පිළිබඳ ගැටලුවක් මුල් කරගෙන කතානායක ධුරයෙන් ඉල්ලා අස්ව මාස දෙකකට පසු BBC සිංහල සේවය සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *