මගේ අප්පච්චි හුස්ම ගත්තේ අපි පරිත්‍යාග කළ මැෂිමෙන්..! – සජිත ඇන්තනී…

October 12, 2023 at 6:45 pm | by emanisa.lk

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී දින 458ක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බව ඔහුගේ පුත් සජිත අනුත්තර පවසයි.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අවමංගල සභාවේ ස්තූති කතාව කරමින් හෙතෙම මේ බව කීය.

සිය පියාට අවසන් හුස්ම හෙළන තුරු කෘත්‍රීම ශ්වසනය ලබා දීම සඳහා අති නවීන යන්ත්‍රයක් සිය පවුලේ ඥාතීන් විසින් මිලට ගෙන රෝහලට පරිත්‍යාග කළ බව ද ඔහු සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ එවැනි යන්ත්‍ර ඇත්තේ දෙකක් පමණක් බවත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ ලබා දෙමින් සිය පියාට අපහාස කළේ මෙවැනි පසුබිමක බවත් සජිත අනුත්තර ප්‍රකාශ කරයි.

එම යන්ත්‍රය මේ වන විටත් තවත් රෝගියෙකුට සවි කොට හුස්ම ලබා දෙමින් ඇති බවත් තවත් වසර 20ක් පමණ බොහෝ රෝගීන්ට එමගින් ජීවත් වීමේ අවස්ථාව ලබා දෙනු ඇති බවත් ඔහු වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *