තමා විපක්ෂයට යන කතාව අසත්‍යයක් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ පවසයි.
“අද පත්තර වල දාලා තියෙනවා මම විපක්ෂයට යනවා කියලා. මේක අසත්‍ය ප්‍රකාශයක්. සමහරු උත්සාහ කරනවා ඇති විපක්ෂයට යවන්න. මම ඉටුකරන්නේ හැට නව ලක්ෂයේ ඉල්ලීම.
මට අයිතිය දෙන්න කතා කරන්න. කඩේ යන එකේ සීමාවක් තියෙන්න ඕන. මම නියෝජනය කරන්නේ හැට නව ලක්ෂය. ඒ අනුව තමයි මම කතා කරන්නේ.
ක්‍රීඩා අමාත්‍යවරයා මගේ අතුරු කමිටුව ඉවත් කරලා තිබුණා. ඒ කියන්නේ දුෂණය ආණ්ඩුව නිල වශයෙන් අනුමත කරනවා කියන එක. විගණකාධිපති දෙපාර්තමේන්තුවට එහා ආයතනයක් නැහැ.”