මං පරාද කළේ පොහොට්ටුවේ කොළඹ මූලස්ථානයෙන්! – ජනිපෙ උදයශාන්ත..

August 9, 2020 at 8:25 am | by emanisa.lk

එකම කඳවුරක් ලෙස කටයුතු කරනු වෙනුවට තමා සමග දිස්ත්‍රික්කයේ තරඟ වැදුණු අපේක්ෂකයන් කල්ලි දෙකකට බෙදී කටයුතු කළ බව ජාතික නිදහස් පෙරමුණේ උදයශාන්ත ගුණසේකර පවසයි.

සිංහල බෞද්ධයා, බෞද්ධ උරුමය, ජාතිකත්වය වෙනුවෙන් සටන් කළ තමා පරාජය කරවීමේ සැලසුම කොළඹ පොදුජන පෙරමුණු මූලස්ථානයේ සිටම ක්‍රියාත්මක වූ බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වුවද ජනාධිපතිවරයාගේ රට නඟන වැඩපිළිවෙළට තමාගේ පූර්ණ සහයෝගය හිමි වන බවත් තමා නැඟූ සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් දිගටම පෙනී සිටින බවත් උදයශාන්ත ගුණසේකර වැඩි දුරටත් අවධාරණය කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *