කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත වැව් රක්ෂිත මනින හෙයින් රක්ෂිතවල ඇති සියලු ඉදිකිරීම් ඉවත් කරගත යුතු බවට සහ ඩඩ්ලි සිරිසේන තමන්ට ලොකු නැති බවට සිදුකළ ප්‍රකාශයක් පසුගියදා මහත් ආන්දෝලනයට ලක්විය.
එම අවස්ථාව වන විට යුරෝපා සංචාරයක නිරත වෙමින් සිටි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ලංකාවට පැමිණ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත වෙත දුරකතන ඇමතුමක් ලබා දී තිබේ.
එහි දී ඔහු විමසා ඇත්තේ තමන්ගේ සුදු අරලියා හෝටලයට ගේමක් දීමට සූදානම් වෙනවා නොවේද කියාය. ඊට පිළිතුරු දෙමින් ලාල්කාන්ත ප්‍රකාශ කොට ඇත්තේ තමන් සඳහන් කළේ වැව් රක්ෂිත මනින බව මිස ව්‍යාපාර විනාශ කරන බව නොවන බවයි.