ජනමාධ්‍ය සහ මුදල් ඇමති ලෙස කටයුතු කරන මංගල සමරවීරට අද මාධ්‍ය අමාත්‍ය ධුරය අහිමි වන බවට තොරතුරු ලැබී තිබේ. නව මාධ්‍ය අමාත්‍යවරයා ලෙස අද රාත්‍රී 07ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දීමට නියමිත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාය. ඔහු අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතම ඥාතියකු වන අතර විජය පුවත්පත් ආයතනය ඔහුගේ පවුලට අයත්ය.