දේශපාලන ඇයි හොඳයිකම් අනුව භික්ෂූන්ට පෞද්ගලිකව සැලකීමට නොයන ලෙස පොදු ශාසනික අරමුණක් සහිත භික්ෂූන් ලෙස රජයට පරිස්සම් වන ලෙස යෝජනා කරන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.
ආරාම පන්සල් ගොඩනඟමින් භික්ෂූන්ට සුඛෝපභෝගී පහසුකම් සැලසීමට කටයුතු නොකරන ලෙසද සෝභිත හිමි අවධාරණයය කරයි.
වර්තමාන පාලකයන් පසුගිය වසර දෙක තුළ එවැනි කටයුතු නොකළ බවත් ඔවුන් ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන බවත් සඳහන් කළ එහිමියන් වැඩි දුරටත් ප්‍රකාශ කළේ එවැනි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ වගකීම ඇත්තේ මහානායක ස්වාමීන් වහන්සේලාට බවයි.
ඕමල්පේ සෝභිත හිමි මේ බව ප්‍රකාශ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එකතු වෙමිනි.