මෙරටට ගෙන්වන මෙට්‍රික් ටොන් 60 දහසකට අධික ලිහිසි තෙල් භාවිතයෙන් පසු පිරිපහදු කොට අපනයනය කිරීමෙන් වාර්ෂිකව රු. බිලියන 30ක පමණ ආදායමක් ලැබිය හැකි බව ඛනිජ තෙල් අමාත්‍යංශයේ උපදේශක සිරිල් සුදුවැල්ල පවසයි.
යන්ත්‍ර සූත්‍ර සහ වාහනවල නියමිත කාලයකට පසු භාවිතයෙන් ඉවත් කරන ලිහිසි තෙල් ඉවත දැමීම නිසා විශාල පාරිසරික මෙන් ම මූල්‍යමය හානියක් ද වන බව හෙතෙම පෙන්වා දෙයි.
මේ වන විට ඇමරිකාව, ජපානය, රුසියාව, චීනය මෙන් ම තෙල් නිෂ්පාදන රටවල් ද භාවිත කළ ලිහිසි තෙල් පිරිපහදු කර නැවත භාවිතයට ගනී.