භාරදුන්නේ ඩොලර් බිලියන 06ක භාණ්ඩාගාරයක්… ආණ්ඩුව ආ දවසේ හිටං කෙඳිරි ගානවා..! – මධුර විතානගේ

October 16, 2024 at 6:52 pm | by emanisa.lk

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට 2022 වසරේ ලැබුණේ ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය බිඳ වැටුණු විදේශ සංචිත නොමැති අත්‍යවශ්‍ය හිස් වූ භාණ්ඩාගාරයක් සමග රටක් යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මධුර විතානගේ පවසයි.

එහෙත් රනිල් වික්‍රමසිංහ නව ජනාධිපති අනුර දිසානායකට භාර දුන්නේ ඩොලර් බිලියන 06ක විදේශ සංචිත සහිත රටක් බවයි, ඔහු සඳහන් කළේ.

හිටපු ජනාධිපතිවරයා හිස් භාණ්ඩාගාරයක් සමග රට භාරගෙන ජනතාවට සහන දුන්න ද ඩොලර් බිලියන 06ක් සමග රට භාරගත් වර්තමාන ආණ්ඩුව ජනතාවට සහන ලබා දිය නොහැකිව කෙඳිරිගාමීන් ඇතැයි මධුර විතානගේ චෝදනා කරයි.

එදා විපක්ෂයේ සිට ඉතා ම රසවත් ලෙස ආණ්ඩුව විවේචනය කළ පිරිසට අද කෙඳිරිගාමීන් මැසිවිලි නැගුව ද සිය වගකීමෙන් ගැලවිය නොහැකි බව ද ඔහු කීය.

අද (16) කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් මධුර විතානගේ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *