සමලිංගික සංචාරක ප්‍රවර්ධනය සඳහා ගෙන ඇති තීරණය පිළිබඳ දෙවරක් සිතන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව ලොව හොඳම සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති ලංකාව ලිංගිකත්වය මත පදනම් වන සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම එතරම් හොඳ නැති බව ද ඔහු පෙන්වා දෙයි.
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු අවුරුදු 16 දැරියකට අවශ්‍ය නම් ලිංගිකව හැසිරීමට ඉඩ දිය යුතු යැයි පැවසූ බවත් දරුවන් දෙදෙනෙකු පියකු ලෙස තමන්ට එම ප්‍රකාශයට එකඟ විය හැකිද යන ගැටලුව ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
මේ ආකාරයට අප සමාජය රැගෙන යන්නේ කොතනටදැයි කල්පනා කොට බැලිය යුතු බවත් සිය පෞද්ගලික ආශාවන් ඉටු කර ගැනීමට නීති සම්පාදනය සාධාරණ නොමැති බව ද නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.
රටේ සංස්කෘතිය උරුමය ආරක්ෂා කරගනිමින් දරුවන්ට දරුවන්ට ඉගැන්වීම කළ යුතු බවත් ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා රාජ්‍යයත් සමග රටේ සංස්කෘතිය ද කඩා වැටුණහොත් එය නැවත ගොඩනැඟීම අපහසු බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් නාමල් රාජපක්ෂ මේ බව කීය.