මාදිවෙල රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම වෙනස් කිරීම සම්බන්ධයෙන් පළ වන අප්‍රසාදය පිළිබදව කරුණු විමර්ශනය කර ජනාධිපතිවරයාට වාර්තා කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසයි.
අසාද් සාලි සඳහන් කළේ, වෙනත් පුද්ගලයෙකුගේ නමින් පාසල් විවෘත කිරීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට තමා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන් බවය.
ශ්‍රී රාහුල හිමි වැනි ශ්‍රේෂ්ඨ හිමි නමකගේ නම ඉවත් කොට ඊට දේශපාලනඥයෙකුගේ නමක් යෙදීම සදාචාර සම්පන්න නොවන බව ආණ්ඩුකාරවරයා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයාගේ ද අනුමැතියකින් තොරව මෙලෙස රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම් කර ඇති බව ය.