බෞද්ධයින්ට රැකවරණයක් නැති අන්තර් ආගමික කමිටුවට තවත් මම නෑ..! – තිරිකුණාමල සංඝනායක හිමි…

August 20, 2023 at 11:33 am | by emanisa.lk

ත්‍රිකුණාමල අන්තර් ආගමික කමිටු රැස්වීම් සඳහා සහභාගි නොවීමට තීරණය කළ බව චීන වරාය බෝධිරාජරාමාධිපති අමරපුර ධර්ම රක්ෂිත මහ නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක, ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකඛාධිකාරි පූජ්‍ය අලුත් ඔය සද්ධාතිස්ස නාහිමියෝ පවසති.

පසුගිය දා බොරළු කන්ද රජමහා විහාරයේ ඉදිකිරීම් නවතා දමන ලෙසට නැගෙනහිර ආණ්ඩුකාරවරයා දැනුම්දීමත්, එම ස්ථානයට පන්සලක් එපා යැයි කියමින් අන්‍යාගමික පිරිසක් විරෝධතා පැවැත්වීම හා තායිලන්තයේ සිට වැඩමකළ භික්ෂූන් වහන්සේලාට ත්‍රිකුණාමලය පැරණි බෝ රුක් අසල ආගමික කටයුතු සිදු කිරීමට බාධා කිරීම වැනි සංවේදී කාරණාවලදී අන්‍යාගමික නායකයන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම මෙම තීරණයට හේතුව බව උන්වහන්සේ පැවසූහ.

අන්‍යාගමිකයන්ට ඇති වන ආගමික ගැටලු නිරාකරණය සඳහා තමන් වහන්සේ මැදිහත් වුවද බෞද්ධයන්ට ඇති වන ගැටලුවල දී අන්‍යාගමික නායකයන් මුනිවත රැකීම නිසා මෙම තීරණයට එළැඹී බව උන්වහන්සේ තව දුරටත් සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *