මෙරටට පැමිණෙන බෝරා නායකයා ඇතුළු කණ්ඩායමට රට තුළ රැඳී සිටින කාල සීමාවේදී විශේෂ ප්රභූ ආරක්ෂාවක් සපයන බව ආරක්ෂක ලේකම් විශ්රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
“මුළු ලෝකයේම බෝරාවරුන්ගේ නායකයා එන්නේ. පාප්තුමා ආව වගේම තමයි. බෝරා නායකයාගේ පැමිණීමත්. එම නිසා ඒ සඳහා සුවිශේෂී ආරක්ෂාවක් සපයා දෙනවා.” යැයිද හෙතෙම කීය.
ජාතික බුද්ධි ප්රධානී මේජර් ජනරාල් ජගත් අල්විස් යටතේ බෝරා නායකයාගේ ආරක්ෂාව සැපයීමට නියමිතය.
මෙම කණ්ඩායම බණ්ඩාරවෙල ඔවුන් රැඳී සිටින ස්ථානයේම දින දාහතරක කාලයක් නිරෝධායනයක් මෙන් සිටින බවත්, රට පුරා ඇවිදීමට නොයන බවත් ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.