බෝධි හතර විහාර බිමේ කොවිලක් තිබූ බව හැකි නම් ඔප්පු කරනු…! – එල්ලාවල හිමිගෙන් සම්බන්ධන්ට අභියෝගයක්…

May 17, 2023 at 7:06 pm | by emanisa.lk

සියම් උපසම්දාව ගෙනා තායි උපාලි හිමි ඇතුළු පිරිස ගොඩබට තිරිකුණාමලේ බෝධි හතර ⁣පුරාවිද්‍යා භුමියේ කෝවිලක් තිබු බව හැකි නම් සාධක සහිතව ඔප්පු කරන්නැයි පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය එල්ලාවල මේධානන්ද නාහිමි ආර්. සම්බන්ධන්ට අභියෝග කරයි.

උතුරු නැගෙනහිර බොහෝ කෝවිල් ඇත්තේ බෞද්ධ විහාර මත බව තමන් වහන්සේ පුරාවිද්‍යා සාධක සහිතව ඔප්පු කර ඇතැයිද උන් වහන්සේ කියති.

උදාහරණයක් ලෙස කෝනේස්වරම් කෝවිල ඉදිකර ඇත්තේ පෘතුගීසින් කඩාදැමු පන්සලක් මත බවත් ඒ බව සෙල්ලිපියක ද සඳහන්වන බවත් මේධානන්ද නාහිමියෝ අවධාරණය කරති.

ආර්.සම්බන්ධන් ඇතුළු පිරිස උත්සහ කරන්නේ ආගම්වාදය හා ජාතිවාදය අවුස්සා දේශපාලනය කිරිමටයි. ඔවුන් දැන් ඉන්නේ දේශපාලන කුණු කූඩයේ. ඔවුන්ගේ අලුත්ම දේශපාලන තුරුම්පුව වන්නෙ පන්සල් ඉදිකර ඇත්තේ කෝවිල් මත බව කීමයි.

උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය ගැන දැනගන්න අවශ්‍ය නම් මාගේ උත්තර පස්ස හා පාචීන පස්ස යන පර්යේෂණ කෘතිය කියවන ලෙස සම්බන්ධන්ට කියනවා. ඒ පො⁣තේ ඉංග්‍රීසි පිටපත යුද්ධ කාලේ එල්ටිටිඊයේ න්‍යාචාර්ය බාලසිංහම් කියවා ඒ බව ප්‍රභාකරන්ටත් දන්වා තිබුණා. ඒ අනුව තමයි මට කොටින්ගෙන් තර්ජන ආවේ.

උතරු නැගෙනහිර කෝවිල් කඩා පන්සල් හදපු හැටි නොවේ පන්සල් කඩා කෝවිල් හසපු හැටි දැනගන්න අවශ්‍යයනම් මා හමුවිමට එන ලෙස ආර්.සම්බන්ධන්ට දන්වායැව්වා යැයිද එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති. මිනිස්සු සාමයෙන් ජිවත්වෙනවාවට දෙමළ දේශපාලකයන් අකමැති යැයිද නාහිමියෝ පවසති.

අරුණ පුවත්පත

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස