හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්.කේ. ශිවාජිලිංගම්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත් වී තිබේ.
එහි දැක්වෙන්නේ බොරු මරණ තර්ජන කතා ගොතා විදෙස් රටක සරණාගතයෙකු වන්නට අනුගමනය කළ යුතු දේය.
තමා ආණ්ඩු විරෝධී විරෝධතාවලට සහ අරගලයට ගිය නිසා ජීවිත තර්ජන එල්ල වී නිසා එංගලන්තයට ගොස් ප්රකාශ කරන ලෙසත් එය සනාථ කරන ලිපියක් තමා ඊට පසු ලබා දෙන බවත් ඔහු සඳහන් කරයි.
මේ ආකාරයට විදෙස් රටවලට පැන යාමට තමා දහස් ගණනකට ලිපි ලබා දී ඇතැයි ශිවාජිලිංගම් එහි දී ප්රකාශ කරයි.