2024 වසරේ පාර්ලිමේන්තු පත්‍රිකා 9ක සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරාගේ හැඳින්වීම ඇත්තේ “අධිනීතීඥ අජිත් පී. පෙරේරා” යනුවෙන් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
අජිත් පී. පෙරේරා අධිනීතිඥයකු වන්නට නම් 1973ට පෙර නීතිඥ විභාගය කළ යුතු බවත් ඒ වන විට ඔහු අවුරුදු 5ක පමණ දරුවකු නිසා එය විය නොහැක්කක් බවත් ඇමතිවරයා සඳහන් කරයි.
1973 පසු නීතීඥ විභාගය සමත් සියලු දෙනා පොදුවේ නීතීඥයන් බවයි, ඇමති නානායක්කාර පෙන්වා දෙන්නේ.
මැතිවරණ සමයේ හැම ගහක ගලකම අධිනීතීඥයන් වැහි වැස ඇතත් එය කිසිවෙකුට භාවිත කළ නොහැකි තනතුරක් නිසා අජිත් පී. පෙරේරා බොරු තනතුරු පෙන්වා මැතිවරණය ජයගත් පුද්ගලයකු බවට ද ඇමතිවරයා චෝදනා කරයි.
අද (17) පාර්ලිමේන්තුව අමතමින් ඇමති හර්ෂණ නානායක්කාර මේ බව කීය.