තමන් වසර 30ක් තිස්සේ විවිධ දේශපාලන කණ්ඩායම්වලට උදව් කරමින් උපන් බිම යහපත් රටක් කරගැනීමට උත්සාහ කළ බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.
එම උත්සාහය අසාර්ථක වූ නිසා කිසිදා ඍජු දේශපාලනයට පැමිණීමට අපේක්ෂා නොකළ තමන් දේශපාලනයට පැමිණ එය ඉටුකරලීමට තීන්දු කළ බවයි, ඔහු සඳහන් කළේ.
පසුගිය කාලයේ සියලු ආණ්ඩු අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වූයේ එතෙක් පැවැති ආණ්ඩුව අඩුපාඩු විවේචනය කරමින් නව ආණ්ඩුවක් පත් කළා මිස කිසියම් වැඩපිළිවෙළක් සහිත කණ්ඩායමක් බලයට පත්කිරීමට නොහැකි වූ නිසා බව හෙතෙම කීය.
සාම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශන වෙනුවට ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කිරීමේ උපායමාර්ගික වැඩපිළිවෙළ රට හමුවේ තබන බවත් ඒ වටා එකතු වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් දිලිත් ජයවීර ඉල්ලා සිටියේය.
අවුරුදු 30ක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරන රතු රෝස පක්ෂයට දේශපාලන වෙනසක් කළ නොහැකි බවත් ගමේ ජනතාව තවත් බොරු කියමින් රැවටීමට ලක් නොකර තම ප්‍රායෝගික වැඩපිළිවෙළ සමග එකතු වන ලෙස තමන් එම පක්ෂයෙන් ද ඉල්ලා සිටින බව දිලිත් ජයවීර සඳහන් කළේ මව්බිම ජනතා පක්ෂ කොළඹ දිස්ත්‍රික් සමුළුව සඳහා අද(17) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී එකතු වෙමිනි.