අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තාට පහර දී ඔහුගේ රථයට හානි කිරීම සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
හිටපු නගරාධිපතිවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී බව ද පොලිසිය සඳහන් කරයි.
පහරකෑමට ලක් වූ ප්‍රියත් නිකේෂල නැමැත්තා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් පැමිණ මෙම පහරදීම සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බව ද පොලිසිය පවසයි.
ඉකුත් වසරේ මැයි මාසයේදී අරගලකරුවන් විසින් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් පහර දී බේරේ වැවට දැමීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරීමේ සිද්ධියක් මත තමන්ට පහර දුන් බවට පහරකෑමට ලක් වූ ප්‍රියත් නිකේෂල නැමැත්තා තලංගම පොලිසියට සිදු කළ පැමිණිල්ලෙහි සඳහන් බව ද පොලිසිය පවසයි.
කෙසේ වුව ද චන්දික අබේරත්න පාර්ශ්වය පැමිණිලි කොට ඇත්තේ අදාළ පුද්ගලයා කලිසම ලිහා සිය නැගණියට ලිංගික අවයව පෙන්නීම නිසා මෙම පහර දීම සිදුකළ බවකි. මේ නිසා ප්‍රියත් නිකේෂල ද කොළඹ ජාතික රෝහලේ දී අත්අඩංගුවට ගෙන ඇත.