බුලත් විටේ ගාණත් දාලා වී සඳහා සහතික මිලක් ඉල්ලීම සාධාරණ නෑ…! – කෘෂිකර්ම නි. ඇමති….

January 24, 2025 at 12:52 pm | by emanisa.lk

ගොවීන් වී සඳහා සහතික මිලක් ඉල්ලන්නේ ඔවුන් කෑ බුලත් විට සහ තේ එකේ මිල ද ඊට ඇතුළත් කර බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසයි.

නි. ඇමතිවරයා ප්‍රශ්න කරන්නේ, ගොවියා තේ එක සමග කන හකුරු කෑල්ලට, බුලත් විටට පවා මිල නියම කරන්නේ නම් ඔහුගේ දායකත්වය මේ සඳහා කුමක් ද යන්නයි. ගොවියා ගෙදර සිටියේ නම් තේ බොන්නේ නැද්දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

ආණ්ඩුව වී සඳහා නිෂ්පාදන පිරිවැය සෑදීමේ දී ගොවියාට පොහොර සහනාධාරය නොලැබුණා සේ ඔහු පොහොර මිලට ගත්තා සේ සලකා ඇති බව ද නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි. එසේම පොහොර සහනාධාරය ලැබුණා සේ සලකා ද පිරිවැය ගණනය කොට ඇති බව ඇමතිවරයා අනාවරණය කරයි.

ඉතිහාසයේ පළමු වතාවට ගොවියාට සතුටු විය හැකි වාසියක් අත්වන ආකාරයට මෙවර අවම මිලක් නියම කරන අතර පිරිවැය සඳහා 30%ක් එකතු කරන බව ද ප්‍රකාශ කරයි. මෙයට පෙර ගොවියාට නිෂ්පාදන පිරිවැය ඉවත් කළ විට රු. 3-5ක පමණ ලාභයක් පමණක් ලැබුණු බව ද එවැනි තත්ත්වයකට ඉඩ නොතබන බව ද නාමල් කරුණාරත්න අවධාරණය කරයි.

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න මේ බව සඳහන් කළේ දෙරණ නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *