බුදු දහම රැක ගන්න ජීවිතය පූජා කරන්න සූදානම්….! – මෛත්‍රී…..

May 21, 2023 at 1:34 pm | by emanisa.lk

මේ වන විට මෙරට බෞද්ධ සහ හින්දු පවුල් විශාල වශයෙන් අන්‍යාගමිකකරණයට ලක්වෙමින් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

“අපේ හාමුදුරුවනේ, අද විශාල වශයෙන්ම මේ රටේ බෞද්ධ පවුල් මෙන්ම උතුරේ හින්දු පවුල් වෙනත් සංවිධානවලට, වෙනත් දර්ශනවලට ඒකරාශී කරගන්නවා.

ඊයෙ පෙරේදා අපි දැක්කා මේ රටේ දේශන පවත්වපු දේශකයෙක් කතෝලික පූජකතුමන්ලා විසින් විරෝධය පළකරලා එළවලා දැම්මා.

අපි අපේ ජීවිත පූජාකරන්න සූදානම් ඔබවහන්සේලා සමග මේ තිබෙන තත්වයන්ගෙන් සමාජය බේරා ගැනීම සඳහා.”

මෛත්‍රීපාල සිරිසේන මේ බව පැවසුවේ ඊයේ (20) පැවැති බෞද්ධ සමිති රැස්වීමක දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස