බුදු දහමට අපහාස වන ආකාරයේ ප්රකාශයක් සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් බෘෘනෝ දිවාකර නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (31) පස්වරුවේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අදාළ පුද්ගලයා ආගමික නිදහසට හානි වන ආකාරයෙන් ප්රකාශ ප්රචාරය කිරීමට ආධාර අනුබල ලබාදී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
පැය 8ක පමණ ප්රශ්න කිරීමකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.