බුද්ධ ශාසන ඇමති-ලේකම් දෙන්නම බෞද්ධ නෙමෙයි… 76 වසරක තියා අම්මා මුත්තා කාලෙවත් මෙහෙම වුණේ නෑ…! – විමල්…

April 1, 2025 at 6:52 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුවේ බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යංශ ලේකම්වරයා ද බෞද්ධ නොවන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

“මේ රටේ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයක් තියෙනවා නම් බෞද්ධයෙක් ඒකේ ඇමති කරලා හරි යනවාද? හින්දු කටයුතු අමාත්‍යංශයේ ඉස්ලාම් කෙනෙක් ඇමති කරලා හරි යනවාද? දැන් බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශේ ඇමතිත් බෞද්ධ නෙමෙයි, අමාත්‍යංශ ලේකම්වරයාත් බෞද්ධ නෙමෙයි.

මුන්දැලට ඕකට දාන්න බෞද්ධයෙක් හිටියේ ම නැද්ද? මෙහෙම වෙලා නෑ 76 වසරක තියා අම්මා මුත්තා කාලෙවත්. මේ තමයි පළවෙනි පාර. මේවා හිතාමතා කරන්නේ. මේ යන්නේ සංස්කෘතියට පහර දෙන ගමන. යුරෝපා ආක්‍රමණිකයෝ අවුරුදු 500ක් යටත් කරගෙන හිටියා. ඒත් බැරි වුණා මේ සංස්කෘතික මූලයන්ට පහර දීලා වට්ටන්න. සුද්දා යද්දි අන්‍යාගම්කරණය වෙලා හිටියේ 7%යි.

නමුත් ලතින් ඇමරිකාවට ගිය ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන් අවුරුදු විස්සෙන් මුළු ලතින් ඇමරිකාවටම ඔවුන්ගේ ආගම සහ භාෂාව දීලා ස්පාඤ්ඤකරණය කළා. මේක එහෙම බැරි වුණා. යුරෝපා ආක්‍රමණිකයෝ කඩුව බෙල්ලට තියලා කීවත් ඒක කළේ නෑ. එහෙම රැක්ක බලසම්පන්න සංස්කෘතියට තමයි මේ ගහන්නේ.”

ජාතික නිදහස් පෙරමුණු ජනහමුවක් අමතමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *