විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම අනුව මහජන උපයෝගීතා කොමිසම ලබා දුන් 15% විදුලි ගාස්තු සංශෝධනයෙන් රුපියල් බිලියන 268 ආදායමක් විදුලිබල මණ්ඩලයට ලැබීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් පවසයි.
එහෙත් විදුලිබල මණ්ඩලයේ පාඩුව ලෙස ඔවුන් සඳහන් කර තිබුණේ රුපියල් බිලියන 8ක් පමණි. රුපියල් බිලියන 268 ක ආදායමක් මණ්ඩලයට ලැබෙන්නේ ඔවුන් විසින් ඉල්ලා සිටි රුපියල් බිලියන 276 ක ආදායම වෙනුවටයි.
මහජන උපයෝගීතා කොමිසම එම මුදලින් රුපියල් බිලියන 8 අඩු නොකළේ නම් මණ්ඩලය ඉල්ලා සිටි 18% ක විදුලි ගාස්තු සංශෝධනය ක්රියාත්මක වීමට ඉඩ තිබිණි. එහෙත් කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද්දේ 15% ක විදුලි ගාස්තු සංශෝධනයක් පමණි. එම සංශෝධනයෙන් ලැබෙන ආදායම යට කී ලෙස රුපියල් බිලියන 268 කි.
යෝජිත මෙම ගාස්තු ක්රමය ක්රියාත්මක වන්නේ ඉදිරි මාස හතක කාලය සඳහා පමණක් බව මහජන උපයෝගීතා කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි.