බිමල් හිටපු පාලකයන්ටත් වඩා උද්දච්ච තක්කඩියෙක්… තමන්ගේ ප්‍රතිරූපය නංවන්න මහජන මුදල් මිලියන 400ක් කාබාසිනියා කළා…!

April 8, 2026 at 11:24 am | by emanisa.lk

බස් දුම්රිය ආදී සියලු පහසුකම් සහිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීම උදෙසා කඩාදැමීමට නියමිතව තිබූ පිටකොටුව බස් නැවතුම සිය දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීම සඳහා රුපියල් මිලියන හාරසිය ගණනක් වැයකර තීන්ත ආලේප කර විශාල රාජ්‍ය දේපළ අවභාවිතයක් බව නීතීඥ නාමල් රාජපක්ෂ පවසයි.

“බිමල් රත්නායක ඔබ නම් පසුගිය මහා මැතිවරණයේදී පරාද කර ගෙදර අරින ලද පරාජිත දේශපාලන බලවේගවල හිටපු නායකයන්ටත් වඩා උද්දච්ච, තක්කඩියෙක් !

රාජ්‍ය දේපල අවභාවිත කිරීම යනු හොරකම් කිරීම පමණක් නොවේ. රටේ පාලකයන් රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල් යම් ව්‍යපෘතියක යෙදවීමේදී ඒවා නිසි ක්‍රමවේදයක් අනුව මිස තමන්ගේ දේශපාලන ප්‍රතිරූප ගොඩ නගා ගැනීම සඳහා කිසිදු ප්‍රයෝජනයක් නොමැති ව්‍යාපෘති සිදු කිරීම රාජ්‍ය දේපල අවභාවිත කිරීමක් වේ.

කොළඹ පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පොළේ අලුත්වැඩියා කිරීම මෙවන් රාජ්‍ය දේපල අවභාවිත කිරීමකි .මෙම පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පොළ එම ස්ථානයෙන් ඉවත් කිරීමට නියමිතව තිබූ එකකි. එහි පිහිටීම අනුව එය පිහිටා ඇත්තේ ඇහිරුණු ස්ථානයකි. මැනිං මාර්කට් එක ඉවත් කිරීමෙන් පසු එම ඉඩම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීමකි.

කොළඹ මධ්‍යම පාරේ සිට පැමිණෙන බස් සහ කොලඹ ගාලු පාර දෙස සිට පැමිණෙන බස් පමණක් එයට ඇතුල් කළ හැකි අතර එය ආරම්භ කළ කාලයේ තිබූ ධාරිතාව අද වන විට නොගැලපෙන අතර මැනිං මාර්කට් පරිශ්‍රයේ නිර්මාණය කිරීමට තිබූ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මෙන් ලංගම ,පුද්ගලික දුම්රිය සහ සැහැල්ලු දුම්රිය එකම ස්ථානයක මෙන් දියුණු ප්‍රවාහන පද්ධතියක් ඉදි කිරීම කළ යුතු යුගයකදී ලාභ දේශපාලන අරමුණු වෙනුවෙන් කඩා බිඳ දැමීමට තිබුණු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අලුත්වැඩියා කර මහා ලොකු පම්පෝරියක් ගසනු පෙනේ.

කඩා බිඳ දැමිය යුතු ගොඩනැගිල්ලක් තම දේශපාලන අරමුණු වෙනුවෙන් පින්තාරු කර අද දින තමන් බලයට පත් වීමටපෙර යම් යම් විවෘත කිරීම් වලදී මහා උත්සව පැවැත්වීම හෙළා දකින ලද ඔබ තක්කඩියෙක් නොවන්නේ කෙසේද?

තමාගේ දේශපාලන විජිගීෂාව වෙනුවෙන් රජයේ මුදල් වියදම් කර මේ වැඩේවත් ජනතාව නොඈඳවා කිරීමේ විභවතාවක් හෝ ඔබට නැති බව අද දින උත්සවාකාරයෙන් විවෘත කරන දිනයේදී පවා පැහැදිලි වේ. මොනරා ඉර එළියේ පිල් විදහා ගෙන නැටුවත් පශ්චාත් භාගය එළියේ මෙන් පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පොලේ පිටකොටුවේ බෝධිය දෙසට ඇති ගරා වැටුණු ගොඩනැගිල්ලේ අනික් පස පමණක් තීන්ත ආලේප කර රටේ ජනාධිපති සහ සමස්ත ජනතාව රැවටීමේ කාර්යයක ඔබ නිරත වි සිටි මේ පහත ඡායාරූපයේ දැක්වෙන්නේ පිටකොටුව බෝධිය පැත්තේ ගරා වැටුණු ගොඩනැගිල්ල එසේ තිබියදී ඔබ සහ ගුවන් හමුදාව එකතු වී කරන ලද තුට්ටු දෙකේ ක්‍රියාවලිය වේ.

රුපියල් මිලියන හාරසිය ගණනකට වියදම් කර මේ සිදු කර ඇත්තේ රාජ්‍ය දේපල අවභාවිත කිරීමක් නොවන්නේද!”

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස