දින කිහිපයකට පහළ ගොස් තිබූ බිත්තර මිල නැවතත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
ඇමතිවරුන්ට ගිය කොමිස් මුදල නතරවීම මත මෙය සිදුවූ බව බිත්තර මිල අඩු වූ දිනවල ආණ්ඩුවේ පාර්ශ්වයේ ප්‍රධානියකු පැවසූ බවත් හෙතෙම සිහිපත් කරයි.
එහෙත් දැන් පෙර සේම බිත්තර ඉහළ මිලකට ගොස් ඇති බවත් දැන් කොමිස් මුදල යන්නේ කාටදැයි ජනාධිපතිවරයා විසින් වහා සොයා බලා ජනතාවට පැවසිය යුතු බවත් ඔහු කියා සිටියේය.
සාගර කාරියවසම් මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.