බැසිල් නැවතත් වැඩට බසී…! විදුලි කප්පාදුව තව දින 04යි…!

March 1, 2022 at 8:51 am | by emanisa.lk

මාර්තු මස පස්වැනිදා වන විට විදුලිය කප්පාදුව නතර කිරීමට හැකි වනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලයට ​ඊයේ (28) දැනුම් දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේ දී විදුලිය කප්පාදුව සහ ඉන්ධන අර්බුදය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ප්‍රවාහන අර්බුදය සහ ඉන්ධන අර්බුදය ද මාර්තු මස අවසන් වන විට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඇමැති බැසිල් රාජපක්ෂ විශ්වාසය පළ කළේය.

තව ද දුම්රිය හා බස් රථ සඳහා ඉන්ධන ලබාදීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදීමේ යෝජනාවක් ද ඉදිරිපත් විය. එය ඉදිරියේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තීන්දු විය.

ධීවරයින්ට භූමි තෙල් සහනාධාරය අඛණ්ඩව ලබා දීම හෝ දිරි දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන්ද ඇමැති මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *