ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කිරීමට රජයේ නීති අංශ කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි
අදාළ රාජ්‍ය කාලය තුළ මෙම සිද්ධියේ සාක්ෂි සූක්ෂම ලෙස යටපත් කර ඇති බවත්, එම සාක්ෂි සොයා බැලීමේ කටයුතු මේ වන විට නීති අංශ විසින් සිදුකරමින් පවතින බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල ප්‍රකාශ කරයි.
යහපාලන ආණ්ඩුව සමයේ මේ පිළිබඳ කෝප් කමිටු සභාපති ලෙස සුනිල් හඳුන්නෙත්ති යටතේ වාර්තාවක් නිකුත් කළ අතර එහි කිසිදු අවස්ථාවක රනිල් වික්‍රමසිංහගේ නම සඳහන් වූයේ නැත.