නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයේ අඛණ්ඩ විදුලි උත්පාදනය සහතික කිරීම වෙනුවෙන් ලංකා ගල් අගුරු සමාගම (Lanka Coal Company) විසින් හදිසි ගල් අගුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියක් (Emergency Procurement) ආරම්භ කර ඇත. පවතින අවශ්‍යතාව මත ගල් අගුරු මෙලෙස මිලදී ගැනීමට නියමිතය.
මෙම ගල් අඟුරු තොගය 2026 මාර්තු සහ අප්‍රේල් යන කාල සීමාවන් තුළ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂිත අතර ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් සිදුකරන මෙම හදිසි මිලදී ගැනීම සඳහා ලංකා ගල් අගුරු සමාගම අවශ්‍ය පියවර ගනිමින් සිටී.
දැනට සපයමින් ඇති ගල් අඟුරු ප‍්‍රමිතියෙන් බාල යයි චෝදනා එල්ල වන පසුබිමක වාර්ෂික ගල් අගුරු වාරය අවසන් වීමට පෙර බලාගාරයට අවශ්‍ය අවම තොග පවත්වා ගැනීම සහ වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සීමා වුවහොත් ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස මෙම හදිසි මිලදී ගැනීම සිදු කරන බව වාර්තා වේ.
පහුගිය ආණ්ඩුව හදිසි ගල් අඟුරු සහ ඖෂධ මිලදී ගැනීම් සඳහා හිතාමතා කටයුතු කරමින් වැඩි මිලට එම භාණ්ඩ මිලට ගෙන විශාල වංචා සිදුකළ බවට එකල දැඩි චෝදනා එල්ල විය.