බාල ගල් අඟුරු දාලා නොරෙච්චෝලේ කඩන්න එපා… ඡන්දේ දුන් ජනතාවට අපහාස කරන්න එපා… ගල් අඟුරු හොරුන්ට දඬුවම් දෙනු…! – පුබුදු ජයගොඩ….

January 26, 2026 at 2:29 pm | by emanisa.lk

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නෞකා තුනක් ලංකාවට රැගෙන ආ බව තහවුරු වී ඇති බවත් එ්වා භාවිතයට ගැනීම නිසා නොරෙච්චෝලේ බලාගාරය බිඳ වැටී විශාල විනාශයක් සිදුවිය හැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

තමන් ගෙන ආ ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බව පිළිගැනීම ආණ්ඩුව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළද අවසානයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස එය පිළිගෙන ඇති බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුවද සමාගමට දඩ ගසා මෙම ගල් අඟුරු භාවිත කිරීමේ ආණ්ඩුවේ උප්පරවැට්ටිය වී ඇති බවත් නීතියට අනුව ගල් අඟුරු නැව් දෙකක ප්‍රමිතිය නොමැති නම් එම ටෙන්ඩරය අහෝසි කළ යුතු බවත් පුබුදු ජයගොඩ ප්‍රකාශ කරයි.

මෙම බාල ගල් අඟුරු දහනය කර අඩු විදුලියක් නිෂ්පාදනය කර එම බර ජනතාවගේ විදුලි බිලට එකතු කිරීමට සූදානම් වුවහොත් ඊට එරෙහිව ජනතාව සමග නැගී සිටින බවත් මාලිමාණ්ඩුවට ඡන්දය දුන් ජනතාවට අපහාස නොකර දූෂිතයන්ට දඬුවම් දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

පොළොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *