ගල් අඟුරු ගෙන ආ සමාගමට අසීමාන්තික දඩ ගැසීම නිසා එම සමාගම බංකොලොත්භාවය ප්‍රකාශ කළහොත් රටට ගල් අඟුරු ලබාගැනීමට නොහැකි වන බවට අමාත්‍ය බිමල් රත්නායක අනතුරු අඟවයි.
එම සමග මේ වන විටත් ඩොලර් මිලියන 2ක පමණ දඩයක් ගෙවා ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
මේ අවස්ථාවේ ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳ කේවල් කිරීමේ හැකියාවක් රටට නොමැති බවත් ගල් අඟුරු නැවත ගෙන ඒම සඳහා මාස ගණනාවක් ගතවන බවත් බිමල් රත්නායක ප්‍රකාශ කරයි.
තමන් එම වැරැද්ද සාධාරණීකරණය නොකළද රටට කිසිවක අතිරික්තියක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.