බාල ගල් අඟුරු ගෙන්වූ බව ආණ්ඩුව පිළිගනී… සමාගමට ලොකු දඩයක් ගහන බවත් කියයි…!

January 25, 2026 at 7:00 pm | by emanisa.lk

ලක්විජය බලාගාර පර්යේෂණගාරයෙන් බාල අඟුරු බව තහවුරු වූ ගල්අඟුරු තොගයේ කිලෝ කැලරි ප්‍රමාණයේ අඩුවක් ඇති බව එහි සාම්පල ඉන්දියාව යවා සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ඒ අනුව අදාළ සමාගමෙන් දඩ අයකර ගැනීමට කටයුතු කරන බවය.

“ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසි ප්‍රශ්නයක් වෙලා නෑ. පළමු මෙ.ටො. 60,000 මෙරටට ගෙන්වූ පසු ගල්අඟුරු සමාගම විසින් ඉන්දියාව යවා සිදුකළ සාම්පල පරීක්ෂාවේ දී එහි අවශ්‍ය කරන කිලෝකැලරි ප්‍රමාණයේ අඩුවක් හඳුනා ගත්තා. ඒ නිසා දඩ අය කරනවා. දෙගුණයක දඩයක් නියම වෙනවා.

ලංකාවට ගොඩබෑවට පස්සේ සිදුකරන සාම්පල පරීක්ෂාවේ දී ප්‍රමිතිය නැත්නම්, අනිවාර්යයෙන් අදාළ කොටසට දඩ ගෙවන්න වෙනවා”

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමෙන් රුපියල් කෝටි දහසකට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී.චානක පසුගියදා පාරිලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *