බාල ගල් අඟුරු කොඩිවිනයක් වෙයි… නොරෙච්චෝලේ යන්ත්‍ර දෙකක් නවති… චිමිනියකින් කළු දුමාරයක්…!

March 5, 2026 at 7:01 pm | by emanisa.lk

නොරොච්චෝලය බලාගාරයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

“නොරොච්චෝලය විදුලි බලාගාරයේ බරපතළ තත්ත්වයක් තියෙනවා එකේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් නතර වෙලා තියෙනවා. ඒ නිසා එක ප්ලාන්ට් එකක් දුවන්නේ අඩු ධාරීතාවයෙන්. ඒ වගේම ධුමාරය වැඩිපුර නිකුත්වෙනවා.”

මේ අතර බාල ගල්අඟුරු දහනය කිරීම හේතුවෙන් නොරොච්චෝලය විදුලි බලාගාරයෙහි එක් කොටසක වැඩකටයුතු නතර කිරීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.

“මේ වේලාව වෙනකොට නොරොච්චෝලේ බලාගාරයේ එක ප්ලාන්ට් එකක චිමිනියෙන් කළු දුමක් යනවා. ඉතාමත්ම ප්‍රබල ලෙස එම දුම ඒ ප්‍රදේශය වහගෙන තියෙනවා. ඒකට හේතුව තමයි බාල ගල්අඟුරු දහනය කිරීම. ඒ නිසා ඊයේ වැඩකටයුතු නතර කරන්න වුණා එක ප්ලාන්ට් එකක. දැන් මේ චිමිනියේ තියෙන ෆිල්ටර් සිස්ටම් එක අයින් කරලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. මේ දේ නිසා ඒ ප්‍රදේශයේම බරපතළ ලෙස පරිසර හානියක් සිදුවෙලා තියෙනවා.”

අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔවුන් මේ බව අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *