මෙම වසරේදී මෙරටට ගෙන්වා ඇත තෙවන ගල්අඟුරු තොගය ප්රමිතියෙන් තොර බවත් ඒ නිසා ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවත් බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව පවසයි.
දත්ත වාර්තා උපුටා දක්වමින් ඔහු සඳහන් කරන්නේ, ගල්අඟුරු බලාගාර තුනම සම්පූර්ණයෙන් ක්රියාත්මක වන අවස්ථාවේදී මෙගාවොට් 810ක විදුලි ජනනයක් සිදුවිය යුතු නමුත්, ප්රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් මේ වන විට උපරිම වශයෙන් ජනනය කළ හැක්කේ මෙගාවොට් 715ක් පමණක් බවයි.
ඒ අනුව දිනකට මෙගාවොට් 95ක විදුලි ධාරිතාවක් රටට අහිමි වන අතර එම හිඟය පිරවීම සඳහා අධික පිරිවැයක් දරමින් ඛනිජ තෙල් භාවිත කරමින් විදුලිය නිපදවීමට සිදුවන බවද ඔහු පෙන්වාදෙයි.
මෙම ගල්අඟුරු තොගය ජනවාරි මස 20 සහ 22 යන දෙදින තුළ විදුලි ජනන කටයුතු සඳහා භාවිතකළ බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, මේ වන විට එම ප්රමිතියෙන් තොර ගල්අඟුරු තොගය විදුලි ජනන කටයුතු සඳහා භාවිත කිරීම තාවකාලිකව නවතා ඇති බව සඳහන් වේ.
ඒ වෙනුවට, පසුගිය වසරේ මෙරටට ගෙන්වන ලද රුසියානු ගල්අඟුරු යළි භාවිතයට ගෙන ඇති අතර
මෙම ප්රමිතියෙන් තොර ගල්අඟුරු තොගය ඉන්දීය ටෙන්ඩරයක් යටතේ දකුණු අප්රිකාවෙන් මෙරටට ආනයනය කර ඇත.