බාලාපචාර නඩුව… හේමරතන හිමි DNA පරික්ෂණයකට යොමු කරන්නැයි නියෝග….!

June 13, 2026 at 10:36 am | by emanisa.lk

බාල වයස්කාර දැරියක් දූෂණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අටමස්ථාන අධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි DNA පරීක්ෂණයක ලක්කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අද (12) නියෝග කළේය

ජූනි මස 16 එම DNA පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන ලෙස එම නියෝගයේ දැක්වේ

මෙම සිද්ධියට අදාළව නිට්ටඹුව පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු ඉදිරිපත් කිරීම සැලකිල්ලට ගනිමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මෙම නියෝගය ලබා දී තිබේ.

සැකකාර හිමිනම ගේ DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂණවරයාට නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *