බාර් විවෘතව තැබෙන කාලය දික්වෙයි…! උදේ 8 ඉඳලා ගන්න පුළුවන්..!

December 9, 2023 at 9:52 am | by emanisa.lk

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබේ.

සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උපවගන්තියේ බලතල ප්‍රකාර ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පැනවීම සිදුකර ඇත.විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර වර්ගය යටතේ ඇති සුරාසල් පෙ.ව 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබේ.

මේ අතර පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය රහිත) පෙ.ව 10 සිට රාත්‍රී 11 දක්වා සහ පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය සහිත) ස්ථාන පෙ.ව 10 සිට රාත්‍රී 12 දක්වා ද විවෘතව පවතී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *