බහුතර ගොවි ජනතාව මාලිමාවට ඡන්දේ දුන්නේ රටින් හාල් ගෙන්න නෙමෙයි….!

November 22, 2024 at 2:29 pm | by emanisa.lk

සහල් ආනයනයට ඉඩ නොදෙන බව කියමින් බලයට ආ මාලිමාණ්ඩුව සිය මංගල කැබිනට් හමුවේ ගත් පළමු තීන්දුව වන්නේ සහල් මෙට්‍රික් ටොන් 70 000ක් ආනයනය කිරීම බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසයි.

මේ රටේ අති බහුතරයක් ගොවි ජනතාව නව ආණ්ඩුවට ඡන්දය ලබා දුන්නේ සහල් පිට රටින් ගෙන ඒමට නොවන බවයි, ඔහු සඳහන් කළේ.

රටේ සමස්ත වී අස්වැන්න ටොන් ලක්ෂ 46ක් බවත් ඒ අතරින් 77%ක් නාඩු වී බවත් මහ පරිමාණ මෝලිහිමියන් එම වී සඟවා කෘත්‍රීම හිඟයක් මවා පාමින් නැවතත් රටට සහල් ආනයනයට මග පාදා ඇති බවත් අනුරාධ තෙන්නකෝන් අනාවරණය කරයි.

ඊයේ (21) ඔහු මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *