බහාළුම් නිදහස් කරන්න කිසිම දේශපාලන මැදිහත්වීමක් නෑ…. විර්ශන කමිටු වාර්තාව කොහොමත් එළියට දානවා…! නි. ඇමති අනිල් ජයන්ත…

July 8, 2025 at 2:18 pm | by emanisa.lk

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම පිළිබඳ විමර්ශනය කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

“ඒ සිද්ධිය සිදුවූ වහාම ජනාධිපතිතුමාගේ නියමයෙන් ජනවාරි 30 වැනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් 05 දෙනෙකුගේ කමිටුවක් පත් කරලා වාර්තාවක් ලබා දීලා තියෙනවා. අපි දැඩිව අවධාරණය කරනවා කිසිම විදිහකට දේශපාලන මැදිහත්වීමක්, දේශපාලන අවශ්‍යතාවයක් මත සම්බන්ධ වෙලා නෑ කියලා.

මේ ඉදිරිපත් වෙන ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලබා ගන්න, හොඳ අවබෝධයක් ලබා ගන්න මේ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ලබා දෙනවා. එතකොට විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ටත් මේක අධ්‍යයනය කරලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. මේ වෙනකොට මේ තියන වාර්තාවේ දේවල්වලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්නුත් විමර්ශනයක් සිදුවෙමින් තියෙනවා. ඒ නිසා වඩාත්ම හොඳ දේ මේ වාර්තාව ඉදිරිපත් කරලා අපි සාකච්ඡා කරන එක. අපේ කිසි මැලිවීමක් නැහැ.”

නි. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *