ප්‍රශ්නගත බහාළුම් 323 නිදහස් කිරීමට ඇමතිවරුන් උපදෙස් දුන් බවට කිසිදු තැනක සඳහන්ව නැතැයි අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසයි.
යම් යම් පිරිස් කටට ආ පළියට චෝදනා කළ ද එවැනි නියෝග දීමක් කිසිසේත්ම සිදුව නැතැයි හෙතෙම අවධාණය කරයි.
වසරේ උදාව සමග සමග රේගුවේ බහාළුම් තදබදයක් ඇති වන බව ද මෙම බහාළුම් නිදහස් කර ඇත්තේ ඒ සඳහා පත් කළ කමිටුවක් මගින් බව ද ඇමති නලින්ද ජයතිස්ස වැඩි දුරටත් පෙන්වා දෙයි.
ඊයේ (02) කැබිනට් මාධ්‍ය හමුවට එකතු වෙමින් මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.