ආනයනික බහලුම් අතරින් 80%ක් වූ රතු ලේබල් බහලුම් රාජ්‍ය උපදෙස් පරිදි ඉවක් බවක් නැතිව නිදහස් කිරීම රේගු වෘත්තිය සමිති පවා ප්‍රශ්න කරමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
රජය මේ බහලුම්වල වගකීම ගෙන නිදහස් කළ බව පවසන නමුත් රජය මෙම බහලුම් තුළ නීත්‍යානුකුල නොවන දෑ නැතැයි තහවුරු කරන්නේ කෙසේද යන්න ගැටලුවක් බවත් හෙතෙම පෙන්වා දෙයි.
මේ බහලුම්වල ආයුධ, රත්රං, මත්ද්‍රව්‍ය හා බාල බෙහෙත් නැතැයි කියන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (31) විපක්ෂ නායක කාර්යාලයේදී වරායේ සමගි වෘත්තීය සමිති සාමාජිකයන් සමග පැවැති හමුවකදීය.
මේ ක්‍රියාවලියෙන් රටට හානියක් වු බවත් බදු ආදායම අහිමි වීම කිසිම පරික්ෂාවකට ලක් නොවු අවදානම් සහිත භාණ්ඩ පාරිභෝගිකයට නිදහස් වී ඇති බවත් මේවා ස්කෑන් පවා නොකර රජය වගකීම බාර ගන්නේ කෙසේද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
තවමත් බහලුම් ප්‍රවාහනයේ ගැටලුවලට විසඳුම් නොමැති බවත් රජයේ මධ්‍යම ස්නායු පද්ධතිය අකර්මණ්‍ය වී ඇති බවත් ප්‍රකාශ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ විෂයය ගැන රජයට දැනුමක් නොමැති බවත් කියා සිටියි.
මෙම බහලුම් කිසිදු පරික්ෂාවකින් තොරව නිදහස් කිරීමට නියෝග දුන්න අය ගැන රටට අනාවරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.