බස් ගාස්තු ට්‍රැවල් කාඩ්පතින් ගෙවන්න අවස්ථාව…!

July 26, 2024 at 9:26 am | by emanisa.lk

සිය ආදායම් දිගින් දිගට ම අහිමි වීම මත ට්‍රැවල් කාඩ්පතින් මුදල් ගෙවීම් ක්‍රමවේදයට බස් සමාගම් කැමැත්ත පළ කර ඇති බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

එහි සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ, එම සමාගම් ආදායම සුරක්ෂිත කර ගැනීම සඳහා ට්‍රැවල් කාඩ් හඳුන්වා දීමට ද කැමැත්ත පළ කර ඇති බවයි.

අයථා ගාස්තු අය කිරීම පිළිබඳ මගී ජනතාවගෙන් බොහෝ පැමිණිලි ලැබී ඇති බව ද එය වළක්වා ගැනීමට එක ම විසඳුම ට්‍රැවල් කාඩ්පතින් ගෙවීම පමණක් බව ද ඔහු අවධාරණය කරයි.

මේ වන විට ද ප්‍රවාහන අමාත්‍යංශය ඊට අදාළ ටෙන්ඩර් පත් කැඳවීම් ද සිදු කර ඇති බව සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *