බස් ගාස්තු 2.5% කින් අඩුකිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.
ඒ, ජාතික බස් ගාස්තු ප්රතිපත්තියට අනුව සෑම වසරකම ජුලි 01 වනදාට සිදුකෙරෙන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ ය.
ඒ අනුව ජුලි මස 01 වනදා සිට ක්රියාත්මක වන පරිදි 2.5%කින් බස් ගාස්තු සංශෝධනය කෙරෙනු ඇත.
කෙසේ වෙතත් මෙම බස් ගාස්තු සංශෝධනයට බස් සංගම් දැකටමත් සිය විරෝධය පළකර ඇත.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ මෙහි ප්රතිලාභය මගියාට හෝ බස් සංගම්වලට හිමි නොවන බවත් බස් ගාස්තුව රුපියලකින් හෝ රුපියල් 2කින් අඩුවෙනු ඇති බවත් ය.