බස් ගාස්තුව අඩු කරන්න ඇමැතිගෙන් කිසිම සහායක් නෑ…! – ගැමුණු….

May 1, 2023 at 1:16 pm | by emanisa.lk

ඩීසල් මිල රුපියල් 15කින් පහත දැමූවද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

“අවාසනාවකට අමාත්‍යවරයා පහුගිය කාලය පුරාම අමාත්‍ය ධූරය දැරුවත් පොදු ප්‍රවාහන සේවාව ගුණාත්මක පැත්තට තල්ලු කරන්න කටයුතු කළේ නෑ. ඒකේ විපාකය අද ජනතාවට විඳින්න වෙලා.
විශේෂයෙන්ම කියන්න ඕනේ ඩීසල් රු 15කින් අඩු කරාට අපිට ජනතාව වෙනුවෙන් ඒ ප්‍රතිලාභය දෙන්න ප්‍රායෝගිකව හැකියාවක් නෑ. මොකද හේතුව තමා රුපියලක්, රුපියල් දෙකක් අඩු කරලා, ඒක ප්‍රායෝගිකව ජනතාවට ලැබෙන්නෙත් නෑ ඒ වාසිය. අපිට ලැබෙන්නෙත් නෑ.

ඒ නිසා සංගමය විදියට තීරණය කළා යම් ආකාරයක අපිට විද්‍යුත් ක්‍රමවේදයක් තුළ අපිට ප්‍රවේශපත්‍රයක් ලබා ගැනිමින් කොන්දොස්තරවරයා ඇතුව හෝ නැතුව විද්‍යුත් ක්‍රමවේදය මත කාඩ් පතකින් ජනතාවට මුදල් ගෙවන්න ක්‍රමවේදය සැලසුම් කළොත් අපිට අනිවාර්යයෙන්ම මේ සහනය අපිට ජනතාවට දෙන්න පුළුවන්.

ආණ්ඩුව ඒ ව්‍යාපෘතිය හෙට දුන්නොත් අපිට හෙට බස් ගාස්තුව අඩු කරන්න පුළුවන්. එහෙම නැතුව කිසිසේත්ම මේ බස් ගාස්තුව අපිට අඩුකරන්න පුළුවන් කමක් නෑ. මොකද හේතුව ප්‍රායෝගිකව මේ සහනය ජනතාවට ලැබෙන්නේ නෑ…”

අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස