බස් එකේ පාර්ලිමේන්තු යන්න ආ නිර්ප්‍රභූ කවුරුවත් දැන් නෑ… ජනාධිපතිත් හෙලිකොප්ටර් දෙකේ නැගලා යනවා…!

March 23, 2026 at 1:37 pm | by emanisa.lk

සිස්ටම් චේන්ජ් කර නිර්ප්‍රභූ ආණ්ඩුවක් ගෙන ආ අවස්ථාවේ ගම්පහින් ඇමතිවරුන් පස්දෙනෙක් පමණ පත්වූ බව වරුණ රාජපක්ෂ පවසයි.

මැතිවරණයට පෙර බසයේ දුම්රියේ යමින් ෆේස්බුක් එකේ ඡායාරූප පළකළ විජිත හේරත්, මහින්ද ජයසිංහ, ආනන්ද විජේපාල පාර්ලිමේන්තු යන්නට බසයට දුම්රියට නගින තුරු ජනතාව බලා සිටි බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුවද ඒ කිසිවෙකු දැන් බස්වල දුම්රියේ දැකගත නොහැකි බවත් ගාලු මුවදොර වාහන ප්‍රදර්ශනය කර ආරම්භ කර නිර්ප්‍රභූ පාලනය අවසන් කර දැන් ජනාධිපති අනුර දිසානායක හෙලිකොප්ටර් දෙකක නැගී ගමන් කරන බවද වරුණ රාජපක්ෂ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *