කොළඹ විශ්වවිද්‍යාලයීය උපාදි ප්‍රදානෝත්සවයේ දී තමා කුලපති හිමි අපහසුතාවට පත් කිරීමට හෝ බුදු දහමට අපහාස කිරීමට කිසිවක් නොකළ බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපතිනී චන්ද්‍රිකා එන්. විජේරත්න පවසයි.
කුලපති හිමි අතින් උපාධි ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ සිසුන් තමා සමග බලහත්කාරයෙන් ඡායාරූපවලට පෙනී සිටි බවයි, උප කුලපතිනිය පවසන්නේ.
ඔවුන් සමග ඡායාරූපවලට පෙනී සිටීමට තමන්ට කිසිදු කැමැත්තක් නොතිබූ බවත් තමා අහක බලා ගෙන සිටි බවත් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.