බලාපොරොත්තු වූ වී අස්වැන්න ලැබී නෑ… ආපහු සහල් රටින් ගේන්න වෙනවා..! – ඇමති වසන්ත සමරසිංහ….

March 20, 2025 at 12:19 pm | by emanisa.lk

මෙවර මහ කන්නේ අපේක්ෂිත වී අස්වැන්න පහළ බැස ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

මෙට‍්‍රික් ටොන් මිලියන දෙකයි දශම නවක්ය මෙවර කන්නයෙන් අපේක්ෂා කළ ද ලැබෙන්නේ මෙට‍්‍රික් ටොන් මිලියන 2.4ක් පමණක් බවට පුරෝකතනය වී ඇති බව ද හෙතෙම පවසයි.

කාලගුණ තත්ත්වයන් ගංවතුර තත්ත්වයන් මීට බලපා ඇති බව ප්‍රකාශ කරන ඇමතිවරයා මෙම තත්ත්වය මත සහල් වෙළඳපොලේ කිසියම් ගැටලුවක් මතුවුවහොත් ජනතාවට සහල් ලබාදීම සඳහා අනිවාර්යෙන්ම රජයට සහල් ආනයනය කිරීමට සිදුවන බවත් අවධාරණය කරයි.

පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඇමති වසන්ත සමරසිංහ මෙම අදහස් පළ කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *