මේ වන විට රටේ බලවත් බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවත් ලෝකයේ යුද්ධයක් පවතින බව ප්‍රකාශ කරමින් අත පිහදා ගැනීමට සූදානම් වන බවත් සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
එහෙත් එය එසේ නොවන බවත් රජයේ නොහැකියාව නිසාම නුදුරු අනාගතයේදී ජනතාවට ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුවන බවද දිලිත් ජයවීර අවධාරණය කරයි.
ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ, ජනතාව මෙම තත්ත්වයෙන් ගලවා ගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ කොන්දේසි විරහිතව එකතු විය යුතු බවද ආණ්ඩුව ගෙදර යවන නැකත නුදුරේදීම රටට ඉදිරිපත් කරන බවයි.
සර්වජන බලය මූලස්ථානයේදී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිලිත් ජයවීර මේ බව කීය.